ශ්‍රී ලංකාව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ යටතේ යේමනය සමඟ තරඟ කරන බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා NewsWire වෙබ් අඩවිය වෙත පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී යේමනය සමග තරග වදිනු ඇත. ඔක්තෝබර් 12වැනිදා පැවැත්වෙන තරගය කටාර්හිදීත්, 17වැනිදා පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකාවේදීත් පැවැත්වේ.

දැඩි කොන්දේසි සහිතව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවසර හිමිවන බව FIFA සහ AFC ඊයේ හෙළි කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් කර ඇත.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයට අවම වශයෙන් දින 10කට පෙර FFSL සිය නිලවරණය පැවැත්වීම අවශ්‍ය වේ. එසේ නොවුවහොත්, FIFA විසින් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙනු ඇත යනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ FIFA සහ AFC හි නවතම තීරණය දැනුම් දෙමින් හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් පැවසීය.

FIFA විසින් 2023 ජනවාරි 21 සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු අත්හිටුවන ලදී.