ජාත්‍යයන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමට මඟ පාදනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සැප්තැම්බර් 16වැනිදා FIFA සහ Asian Football Confederation (AFC) අධීක්ෂණය යටතේ පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.

2026 පාපන්දු ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට FIFA විසින් පසුගිය මාසයේ අවසර ලබාදෙන ලදී.