සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය අද පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර, දෙවැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. අද තරගයේ වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව වාර්තා වේ. ඒ අනුව ආරම්භක පිතිකරුවෙකු ලෙස නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබේ.