ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සතියක කාලයක් මෙරට රැදී සිටිමින් සාකච්ඡාවල නිරතවීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එම නියෝජිතයින් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා ඔහුන් මෙරටට පැමිණි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.