මෙරට තෙදින නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය ඈන් කුමරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත.

එහිදී දරුවන්ගේ චිත්තවේගී වර්ධනය සහ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක ඉගෙනුම් මෙවලම් වැඩසටහන ඇගේ නිරීක්ෂණයට ලක් වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා ඇය මෙරටට පැමිණි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.