ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක එළඹෙන 25වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අද දිනයේ සචිත්‍රගේ නීතිඥයන් ඇප ඉල්ලා සිටි අතර, මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

2020 වසරේ පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට ක්‍රීඩකයන් දෙදෙනෙකු පෙළඹවීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ සචිත්‍ර අත්අඩංගුවට ගනු ලැබීය.