උතුරු මැද පළාතේ ඇතුළුව මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන  උණ රෝගී තත්වය වෛරස් තත්ත්වයක් බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය  පවසයි.

හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ වශයෙන් සිටින ස්ථාන වලදී මුඛ ආවරණ පළඳින ලෙසත් වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙකී වෛරසය ශ්වසන ආශ්‍රිතව හටගන්නා බැවින් කැස්ස, සෙම්ප්‍රතික්ෂාව මෙන්ම උණ සහ ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඇති බවත් මෙම වෛරස් තත්ත්වය දින දෙක තුනකින් සමනය වුවද ඇතැම් රෝගීන් හට කැස්ස සෙම්ප්‍රතික්ශාව ඇතුළුව ශ්වසන රෝග මාස දෙකක් පමණ කාලයක් වුවද පවතින බවත් වෛද්‍යවරිය පෙන්වා දෙයි.

මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් ලෙසද පවතින බැවින් හැකිතාක් දුරට රෝගය වැලඳුනු අයගෙන් ඈත්ව සිටින ලෙසත්  මේ සඳහා ප්‍රතිකාර නොගත්තොත් තදබල ලෙස ශ්වසනාබාධ ඇති විය හැකි බවත් වෛද්‍යවරිය තව දුරටත් අවධාරණය කරයි.