නිරිතදිග පාකිස්තානයේ  අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බව පැවසෙයි.

ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී ගොස් ඇති අතර විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වෙයි.