එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව පැවසීය.