උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලට අද දින වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

මේ අතර, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය බටහිර වයඹ දෙසට ගමන් කරමින් හෙට දින ශ්‍රී ලංකා තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළගා වීමට ඉඩ පවතිනවා.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම්වලට අවදානය යොමු කරන ලෙසට එම දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබෙනවා.