විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතාවලට විසඳුමක් දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග අද (ජූනි 18) සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි

එ​ම සාකච්ඡාවේ​දී  වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාෂ කර සිටියා

අද පාර්​ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටි​යේ  විශ්වවිද්‍යාල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලවලට 2018 වසරේදී වැටුප් වැඩි වීමක් සිදු කළ බව යි

එහිදී අධ්‍යයන කාර්ය මණ්ඩල ආචාර්ය සහ මහාචාර්යවරුන්ට 107%කින් වැටුප් ඉහළ දැමූ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 85%කින් වැටුප් ඉහළ දැමූ බවත් ඔහු තව දුරටත් සදහන් ක​ළා

ඒ අනුව, වැටුප් වැඩි කිරීම අතර 15%ක පරතරයක් ඇති වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.