විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්වවිද්‍යාල වලට නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් උපදෙස් පත්‍රිකා පොත පවා මෙතෙක් නිකුත් කර නොමැති බවයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් නවක සිසුන් බඳවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යනු ඇති බවයි.