කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (අගෝ. 19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත.

විදුලි බල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

ඒ අනුව, සෙනසුරාදා උදෑසන 8:00 සිට පසු දින ඉරිදා (අගෝ. 20) අලුයම දෙක දක්වා කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුව යි.