එල්.පී.එල්. තරගාවලියේ මූලික වටයේ පැවැති තරග 20 තුළදී රුපියල් මිලියන 6.7ක මුදලක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා එකතු වී තිබේ. තරගාවලියේ සෑම හයේ පහරකටම රු. 6000ක්, සෑම හතරේ පහරක් සඳහාම රු. 4000ක් සහ යොමුකරන නිලකුණු පන්දුවකට රු. 2000ක් බැගින් ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග කිරීම සිදුවේ.

මේ වන විට තරගාවලියේ පැවැති තරග 20 තුළදී හතරේ පහර 497ක්, හයේ පහර 185ක් සහ නිලකුණු පන්දු 1802ක් මගින් මෙම මුදල් එකතුවී තිබේ. තරගාවලිය අවසානයේ එකතුවන මුළු මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය LPL ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතු කරන මුදලින් කොටසක්ද ලිට්ල් හාට්ස් අරමුදලට ලබාදීමට නියමිතය.