ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කර ඇත.

ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී ඔහු මේ බව පවසා තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද එක්විණි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් මේ වනවිට පවත්වා අවසන් අතර මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට හිමිවී තිබේ.
ඊයේ (02) සහ අද (03) දින දෙක තරගාවලියේ විවේකි දිනයන් වන අතර තරගාවලියේ තරග හෙට (04) දිනයේදී පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීය.