මේ දිනවල ඉන්දියාවේ සංචාරක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (08) කේරල ප්‍රාන්තයේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී තොරතුරු තාක්ෂණ සහ නව උත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද නියමිත බවද වාර්තා වේ

මේ අතර ඊයේ දිනයේ අනුර කුමාර ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සමග විශේෂ හමුවක් පවත්වා ඇති අතර ගුජරාට් ප්‍රාන්තය තුළ දිලිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපයාමාර්ග සහ ප්‍රාන්ත පාරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.