වෙසක් පුන් පොහෝදා (23 වැනිදා) දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා ඊයේ (24 වැනිදා) පවසා සිටියා .

කොළඹ නගර සීමාවේ දන්සැල් හාරදහසක් පරීක්ෂාවට ලක් කළ බවත්, එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා .