ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනතාවගේ ප්‍රශ්න හමුවේ පලා නොයන බව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රටේ ජනතාවට අහිතකර තීන්දු තීරණ සඳහා තම පක්ෂයේ සහය හිමි නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියෙ,

” මේක ජ.වි.ප ද, පොහොට්ටුවද, යූන්පීයද ශ්‍රී ලංකාද, TNA එකද කියන් එක නෙවෙයි, මේක ශක්තිමක් වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දුර්වල වුණාම තමයි මිනිස්සු කඩු කිනිසි අතට අරගෙන ප්‍රශන විසඳගන්නේ. ඒ නිසා අපි ජනතාවගේ ප්‍රශ්න හමුවේ පැනලා යන්නේ නැහැ. අපි මේ රටේ ජනතාවට අහිතකර තීන්දු තීරණ වලට උදව් කරන්නේත් නැහැ උදව් කරලත් නැහැ අපි ඒවා ගේන්නෙත් නෑ. ඒ නිසා අපි පැහැදිලිවම ජනතාව අතරට යන්න බය නැහැ.”