ඊයේ (26) දිනයේදි අයිතිකරුවකු නොමැති බෝට්ටුවක් මන්නාරමේ සවුත්බාර් වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.

මෙම බෝට්ටුව කිසියම් ආයතනයක ලියාපදිංචි කර ඇති බව එම බෝට්ටුවේ සඳහන් අක්ෂර වලට අනුව පෙනී යන බව මන්නාරම ධීවර සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කළා.

මෙම බෝට්ටුව සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය හා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් එක්ව පරීක්ෂණ ආරම්හ කරනු ලැබු අතර මෙම බෝට්ටුව පිළිබදව පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට හා ජාත්‍යන්තර ආයතන වලට මෙම බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ බව ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.

එම බෝට්ටුව නාවික හමුදාව බාරයට ගෙන ඇති අතර මන්නාරම පොලීසිය බෝට්ටුව සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයට තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.