හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගේ අවසන් කටයුතු ආරම්භ කර ඇති අතර එම අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙරට ඉරාන තානාපති කාර්යාලයේදී සිය ශෝකය පළකර තිබුණි.