එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අවසාන මහා තරගයෙන් ලකුණු 128ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නෙදර්ලන්තය කාසියේ වාසියේ දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය ජාත්‍යන්තර එක්දින ඉනිම ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ මංගල අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 57කි.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්ද, චරිත් අසලංක ලකුණු 36ක්ද ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ.

නෙදර්ලන්තය වෙනුවෙන් Vikramjit Singh, Saqib Zulfiqar, Ryan Klein සහ Logan van Beekට කඩුලු 02 බැගින් දවා ගත්හ.

අනතුරුව ලකුණු 234ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 23.3 අවසානයේ සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 105ක් පමණි.

එහිදී Max O’Dowd  පමණක් ලකුණු 33ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 04ක්, ඩිල්ෂාන් මදුෂංඛ කඩුලු 03ක් සහ වනිඳු හසරංග කඩුලු 02ක් බිඳහෙළීය

තරගයේ වීරයා සම්මානය ඩිල්ෂාන් මදුෂංඛටත්, තරගාවලියේ වීරයා සම්මානය සිම්බාබ්වේ කණ්ඩායමේ සීන් විලියම්ස්ටත් හිමි වූහ.