පොළොන්නරුව, මනම්පිටියේ ඊයේ රාත්‍රියේ (09) සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 41 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ වන විට කාන්තාවක් ද ඇතුළුව අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවුණේ පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලම අසළදී පෞද්ගලික බස් රථයක් ඇළකට පෙරළීමෙන්ය

කඳුරුවෙල සිට කාත්තන්කුඩි බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් එලෙස අනතුරට ලක්විණි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසා තිබේ.