‘අස්වැසුම’ සඳහා ලැබී ඇති අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පරික්ෂා කිරීම් ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ වන විට අභියාචනා 968,000ක් සහ විරෝධතා 17,500ක් ලැබී තිබේ.

සුබසාධන ප්‍රතිලාභ අවශ්‍ය සියලුම සුදුස්සන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඇතුළත් කිරීමට රජය සහතික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.