අභාවප්රාප්ත ආර්. සම්පන්දන් මහතාගෙන් අභාවයත් සමග හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා කදීරවේලු සන්මුගම් කුහදාසන් පත් කිරීමට නියමිතව තිබෙනවා.
කදීරවේලු සන්මුගම් කුහදාසන් 2020 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වී එහි දී මනාප 16,770ක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී ඔහුගේ නම පක්ෂය මැතිවරණ කොමිසමට යෝජනා කරනු ඇති.
කදීරවේලු සන්මුගම් කුහදාසන්ගේ නම ගැසට් කිරීමෙන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී නව මන්ත්රිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි