ආසියානු කුසලානය වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායම අද කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළේය. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී පුහුණු තරගයක් ක්රීඩා කිරීමට නියමිත අතර, ඉරිදා (27) දිනයේදී ශ්රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සඳහා මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණය බලා පිටත්ව යෑමට නියමිතය.
LPL තරගාවලියේදී ආබාධයට ලක්වූ දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී තිබෙන අතර, වනිඳු හසරංගට ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය මෙම මස 30වැනිදා ආරම්භ වේ.