2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇත.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුව වන අතර මෙම තරගාවලියට ඉන්දියාව, කසක්ස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වේ.

එහිදී සුහිරු ඇන්තනී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.

පළමු තරගය කටාර් සහ කසක්ස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතව ඇති අතර සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.