කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7 ගායනා කිරිම වාරණය කරමින් නිකුත් කර තිබු වාරණ ආඥාව, අද දින නැවත නඩුව කැදවීමෙන් අනතුරුව නැවතත් 2024/6/18 දින දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

“අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය කිරිම ගරු අධිකරණය විසින් වාරණය කරන ලද ගීත අතරට ඇතුලත් වේ.

ඉහත ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක විසින් මෙම නඩුව සේනක බටගොඩ එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගෙන ඇත.

නැවත මෙම නඩුව 2024/6/18 දිනැතිව කැදවීමට ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබූ අතර පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති පෙනි සිටියේය.