කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ලබාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හරහා අතුරු ආබාධ සිදු වන බවට එම සමාගම විසින් උසාවියට ඉදිරිපත් කර ඇති ලිපි ලේඛන වලින් අනාවරණ වී තිබෙනවා.

මෙම එන්නත ලබා ගත් අයගේ රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ගණන අඩු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ජේමි ස්කොට් නමැති දෙදරු පියෙකු විසින් අදාළ සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණ අතර ඔහු අවධාරණය කළේ, ඔහු 2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් රුධිර කැටියක් සහ මොළයේ ලේ ගැලීමක් වර්ධනය වීමෙන් පසු ස්ථිර මොළයේ තුවාලයක් සිදුවූ බවයි .

ජේමි පමණක් නොව බ්‍රිතාන්‍ය මහාධිකරණයේ AstraZeneca සමාගමට එරෙහිව නඩු 51ක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් වින්දිතයන් සහ ශෝකයටපත් ඥාතීන් පවුම් මිලියන 100 ක් පමණ වන්දියක් බලාපොරොත්තු වන බව ද සඳහන්.