ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛාවක් රැස් කරමින් පැතුම් නිස්සංක ලකුණු 210ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් රැස් කළහ.

අනතුරුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 339ක් රැස් කළේය. එහිදී මොහමඩ් නබී ලකුණු 136ක් සහ අස්මතුල්ලා ඔමසායි ලකුණු 149ක් රැස් කරමින් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට රැගෙන යාමට උත්සාහ කළහ.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 04ක් බිඳහෙළීය.