ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210ක් රැස් කිරීමට සමත් විය. මෙය වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින පිටියේ රැස් කළ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

පන්දු 139කින් වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් විය.