ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි San Antonio සත්වෝද්‍යානය විසින් පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කරගනිමින් “Cry Me a Cockroach” නමින් අරමුදල් එක්රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට සිය හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය නමින් කැරපොත්තෙක්, මීයෙක් හෝ එළවළු වර්ගයක් නම් කිරීමට අවස්ථාව ලැබෙන අතර, එය සත්වෝද්‍යානයේ වෙනත් සත්වයෙක්ගේ ආහාර සඳහා ලබා දීම සිදු කරනවා.

මේ සඳහා සත්වෝද්‍යානයේ වෙබ් අඩවියට පිවිස හැරගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම ලබා දීමේ හැකියාව ඇති අතර, කැරපොත්තෙකු සඳහා ඩොලර් 10ක්, මීයෙකු සඳහා ඩොලර් 25ක් සහ එළවළු වර්ගයක් සඳහා ඩොලර් 5ක මුදලක් අයකෙරෙනවා. මෙම කටයුත්තෙන් අතීතය අමතක කිරීම සඳහා ලැබෙන මානසික සහායට අමතරව සත්වයෙකුගේ කුසගිනි නිවීමට දායක වීමටද හැකියාව ඇති පවසන සත්වෝද්‍යානය, මේ සඳහා දායක වන අයට Digital Valentine Card පතක්ද බාගත කර ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා.