ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග 03කින් යුත් එක්දින තරගාවලිය ජුනි 02වැනිදා සූරියවැව ජාත්‍යයන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා සංචිතය

1) දසුන් ශානක – නායක
2) පැතුම් නිස්සංක
3) දිමුත් කරුණාරත්න
4) කුසල් මෙන්ඩිස් (WK) – උප නායක
5) ඇන්ජලෝ මැතිව්ස්
6) චරිත් අසලංක
7) ධනංජය ද සිල්වා
8) සධීර සමරවික්‍රම – (WK)
9) චාමික කරුණාරත්න
10) දුෂාන් හේමන්ත
11) වනිඳු හසරංග
12) ලහිරු කුමාර
13) දුෂ්මන්ත චමීර
14) කසුන් රාජිත
15) මතීෂ පතිරණ
16) මහේෂ් තීක්ෂණ

වනිඳු හසරංග මේ වන විට පාදයේ ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින බවත්, කුසල් ජනිත් පෙරේරාද මස්පිඩු ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින බැවින් කුසල් ජනිත් පෙරේරා එක්දින තරගාවලිය සඳහා තෝරා නොගත් බවත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කවිඳු කාරියවසම්