ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ඒ හේතුවෙන් මෙලෙස නොමිලේ බංඩි පොහොර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා

එසේ​ම කිසිදු පොහොර හිඟයක් රටතුළ නොමැති බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

“පොහොරවල කිසිදු හිඟයක් නැහැ. යූරියා, බංඩි පොහොරත් ඇති වෙන්න තියෙනවා. අපිට විකුණ ගන්නත් බැරි තරමට තියෙනවා. හිඟයක් නෙවෙයි තියෙන්නෙ මං හිතන්නේ පොහොරවලට මුදල් එන්නෙ නැති ප්‍රශ්නෙ. මේ වතාවේ දැන් අපි මුදල් මේ වනවිට බිලියන 11ක් විතර ගොවියන්ගේ ගිණුම්වලට යවලා තියෙනවා. තව ඉතාමත් සුළු ප්‍රමාණයක් ගිණුම් අංක වැරදීම්, නම්වල වැරදීම් ඒ වගේ දේවල් නිසා සුළු ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. ඒ හැමෝටම අපි ලබා දෙනවා. ඒ වගේම එන කන්නේ සිට කන්න දෙකක් බංඩි පොහොර නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. අපිට ලැබිල තියෙනවා දැනටමත්. පොහොර සඳහා මං ගිවිසුම අත්සන් කළා. මාසයක් යනවිට අපිට පොහොර එනවා. පහුගිය වතාවේ මඩ පොහොර දුන්න වගේම කන්න දෙකකට අපේ ගොවීන්ට බංඩි පොහොර ලබා දෙනවා. මොකද අපේ ගොවි ජනතාවට අපි උදව් කරන්න ඕන.”