ඉන්දියාවේ හිටපු නිරූපිකාවක වන පංජාබ් හි පදිංචිව සිටි 27 හැවිරිදි Divya Pahuja නැමැත්තිය Gurgaon හි පිහිටි හෝටලයක් තුළ දී පසුගියදා අමානුෂිකව හිසට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඇයගේ සිරුර හොටලයෙන් පිටතට රැගෙන යන ආකාරය CCTV දර්ශන මගින් අනාවරණය වි ඇති අතර, ඝාතනය පිළීබඳව සැකපිට හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු හර්යානා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිරූපිකාවද ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවේ වසර 7කට ආසන්න කාලයක් පසුවී ඇති අතර, පසුගිය වසරේ ජුනි මාසයේ දී ඇප මත නිදහස් වූ තැනැත්තියක් බව වැඩිදුරටත් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය විසින් නිකුත් කර ඇති CCTV දර්ශන පහතින්…