ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති පළමු එක්දින තරගය අතහැර දැමීමට තරග තීරකවරයා තීරණය කළේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 273 රැස් කළ අතර එහිදී චරිත් අසලංක ලකුණු 101ක් රැස් කළේය.

අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 04ක් ක්‍රීඩා කළ අතර, ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 12ක් රැස් කළ අතර අනතුරුව ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත විය.