රාමායණය පාදක කරගත් තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක නිතේෂ් තිවාරි සූදානම් වන බව වාර්තා වනවා.

අති විශාල පිරිවැයක් වැය කර නිශ්පාදනය කොට ඉතා මෑතකදී තිරගත කරන ලද රාමායණය පාදක කරගත් Adipurush බොක්ස් ඔෆීස් හි අසාර්ථක වූ අතර, නිතේෂ් තිවාරි පවසා තිබුණේ එහි අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව නුසුදුසු  දෙබස් සහ චරිත සඳහා නළු නිලියන් තෝරාගැනීමේ දුර්වලතාවය බවයි.

චිත්‍රපටයේ “රාවණා” චරිතය සඳහා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ KGF චිත්‍රපට මාලාවේ “රොකී” චරිතය රඟපෑ සුපිරි කන්නඩා නළු යාශ් තෝරා ගැනීම සඳහා පෙනුම පරීක්ෂා කරමින් (Look tests) පවතින බව  වාර්තා වන අතර, කිසිඳු නළුවෙකු හෝ නිළියක චරිත සඳහා මෙතෙක් නිල වශයෙන් තෝරා ගෙන නැති බවයි වාර්තා වන්නේ.

රන්බීර් කපූර් “රාම කුමරු” ලෙසත්, ආලියා භාත් “සීතා දේවිය” ලෙසත් මෙහි චරිත නිරූපණය කරන බවට ඇතැම් නිල නොවන ආරංචි මාර්ග වාර්තා කර ඇති නමුත්, එම වාර්තා ප්‍රතික්ශේප කරන නිර්මාණ කරුවන්, කිසිඳු හදිසියකින් තොරව කල් වේලා ගනිමින් නිර්මාණ කටයුතු වල නිරත වන බවයි පැවසෙන්නේ