මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රි 7.26 ට වීථි සංචාරය කිරීම ආරම්භ කෙරිණි.

රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතය.

එමෙන්ම දෙවන රන්දෝලි පෙරහැර හෙට (27) පස්වරු 6.46 ට ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා ඇත.

එය දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර අවසානය සනිටුහන් කරනු ඇත.

රන්දෝලි පෙරහර අද (26) සිට දින පහක් වීදි සංචාරය කෙරේ.

Photographer – Dinuka Gunawardana

Photographer – Dinuka Gunawardana