සඳුදා පස්වරුවේ පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 70කට  අධික සංඛ්‍යාව තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මුම්බායි හි ඝට්කෝපාර් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පිහිටි අඩි 100 ක දැන්වීම් පුවරුවක් මෙලෙස කඩා වැටී ඇති අතර එය බිමට වැටීමට පෙර පිරවුම්හල තුළ  නවතා තිබූ වාහනවලට දැඩි අලාභ හානි වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන්

දැන්වීම් පුවරුවට යට වූ පුද්ගලයින් මුදාගැනීමේ කටයුතු සඳහා කණ්ඩායම් දෙකක් යොමු කර ඇති බව ද සඳහන්.