ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මායන්ක් අගර්වාල් ගුවන් ගමනකදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අගර්තාලා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මායන්ක් අගර්වාල් රංජි කුසලානයේ තරගයකට සහභාගී වීමෙන් පසු අගර්තාලා සිට සූරත් දක්වා ගුවන් යානයක ගමන් කරමින් සිටියදී උගුරේ ඇතිවූ අපහසුතාවක් හේතුවෙන් ඔහුව අගර්තලා රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය මේ වන විටත් යහපත් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.