වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 06 වටයේ පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 231 රැස් කිරීමට සමත් විය. එහිදී දිනුර කළුපහන ලකුණු 53ක් සහ මල්ෂ තරුපති ලකුණු 42ක් රැස් කළහ.

ඉන් අනතුරුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ පන්දුවාර 49.3 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 232ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළහ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් වෙඩර්බර්න් ලකුණු 61ක් රැස් කළේය.