ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය මේ දිනවල සීග්‍රයෙන් පැතිරී තිබෙනවා.

එබැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රිජ්වේ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ අවුරුදු 2ට අඩු දරුවන්, ගැබිණි මව්රුන් සහ අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් නිරතුරු මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි.