ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව මාධ්‍යය වෙත නිකුත් කර තිබේ.

ඒ අනුව, හෙලිකොප්ටරය නියමිත මාර්ගයේ ගමන් කර ඇති අතර, සිද්ධියට මිනිත්තු එකහමාරකට පමණ පෙර හෙලිකොප්ටරයේ නියමුවා ජනාධිපතිවරයාගේ රථ පෙළේ අනෙක් හෙලිකොප්ටර් දෙක අමතා ඇති බව එමගින් අනාවරණ‍ය කර ඇත.

සිද්ධිය නිරීක්ෂණය සඳහා විශේෂඥයින් සහ කාර්මික ශිල්පීන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ විමර්ශන කමිටුවක් එම ස්ථානයට ගොස් තිබුණේ පසුගිය 19 වනදායි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, හෙලිකොප්ටරයේ සුන්බුන් මත වෙඩි උණ්ඩ හෝ ඒ හා සමාන භාණ්ඩ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ද අනාවරණය වී නොමැති අතර, කන්ද මතට කඩා වැටීමෙන් පසු හෙලිකොප්ටරය ගිනිගෙන ඇති බවට එහිදී අනාවරණ වී ඇති බවටයි.