මෙතෙක් ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකූ  ඊලෝන් මස්ක් (Elorn Mask) පසුකර ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් ( Jeff Bezos) පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බවත්  ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බවත් විදෙස් වාර්තා පෙන්වාදෙයි .

ඒ අනුව පසුගිය වසරක කාලය තුළදී ඊලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති අතර ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී තිබේ.