කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (05)පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ රාජකාරියට පැමිණ තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට  කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයෙන් විරෝධය එල්ල වූ අතර ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමටද අවධානය යොමුව තිබුණා.

මේ හේතු නිසා අද දිනයේ පොලිස් ආරක්ශාව යටතේ රාජකාරියට වාර්තා කිරීමේදී රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින්  සේවයෙන් ඉවත්වෙමින් ඔහුට විරෝධය එල්ල කළ බව සදහන්.

කෙසේ වෙතත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව නොසන්සුන්තාවයක් ඇතිවුවහොත් එය වළක්වා ගැනීම සදහා ජාතික රෝහල අසළට පොලිස් කැරලි මර්ධන ඒකකයද කැදවා තිබෙනවා.