ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම මත විදේශයන්හී සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර  ලබදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට    2022 වර්ශයේ අගෝස්තු (08) දින පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ශයේ ජූනී (30 ) දින දක්වා දීර්ඝ කිරීමට පසුගිට ජනවාරි (08) දින පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබු අතර ඒ අනුව රෙ සදහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරණ ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනාව පහත දැක්වේ.