පසුගිය අරගල සමයේදී 2022 මැයි මස 04වන දින පාර්ලිමේන්තු පිවිසුම අසලදී සිදුවූ විරෝධතාවයකට අදාළව අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස්ව සිටි විරෝධතාකරුවන් 13 දෙනෙකුව අධිකරණය මඟින් නිදොස්කොට නිදහස් කරමින් තීන්දුවක් නිකුත් කර ඇත.

පාර්ලිමේතු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීම, අයුතු අවහිරය ඇතුළු චෝදනා 13ක් යටතේ මෙම පිරිසට එරෙහිව පොලීසිය විසින් නඩු පැවරූ අතර අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පරවීම හා සාධරණ සැකයෙන් තොරව ඔප්පුවීම හේතුවෙන් මෙම විත්තිකරුවන් 13 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙළ මහේස්ත්‍රාත්වරයා විසින් අද (05) නියෝග කරන ලදි.