පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

විවිධ අනතුරු හේතුවෙන් ඊයේ (14) උදෑසන 7න් අවසන් වූ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ (13) දිනය තුළ ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවද වාර්තා වේ.