උතුරු ඊශ්‍රායලයේ හමුදා මර්මස්ථාන කිහිපයක් වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම ප්‍රහාරය ලෙබනනයේ හෙස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ලකර ඇති අතර මිසයිල සහ ඩ්‍රෝන යොදාගෙන එම ප්‍රහාර එල්ල කර ඇත

ඉන් ඊශ්‍රායල හමුදා භටයින් 14 දෙනෙක් තුවාල ලබා තිබුණි.

පසුගියදා ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හෙස්බුල්ලා ප්‍රධානීන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හෙස්බුල්ලා සංවිධානය පැවසීය.