ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිත අතර මෙම මැතිවරණය ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය ලෙසද සලකයි.

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාව සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාව ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතවන අතර හෙට (19) දින මැතිවරණය පැවැත්වෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩළය හෙවත් ලෝක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන්වන්නේ මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන බවත් හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බවයි.

හෙට (19) පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කර ඇති අතර මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇතැයි ඉන්දීය මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කර ඇත.

ඉන්දීය මැතිවරණ කොමිසම සදහන් කරන පරිදි මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කර ඇති අතර මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරි කටයුතු සදහා යොදවා තිබේ.

මෙවරද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය සහ ඔවුන් සමග සන්ධානගතවී සිටින අනෙකුත් පක්ෂ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.