“යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ.

එය සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත විය.

එම කැබිනෙට්ටුවේ ප්‍රකට චරිතයක් වූ බෙනි ග්‍රාන්ට්ස් පසුගිය සතියේ ඉන් ඉවත් විය.

ඒ යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙනි.

මේ අතර පසුගිය සති අන්තයේ දකුණු ගාසා තීරයේ සිදුවූ පිපිරීමකින් ඊශ්‍රායල සොල්දාදුවන් 8 දෙනෙක් මියගිය බව එරට ආරක්ෂක අංශ පවසයි.

එය පසුගිය ජනවාරි මාසයෙන් පසු ඊශ්‍රායල හමුදාව මුහුණදුන් බරපතළ ම ප්‍රහාරය බව සඳහන් ය.